Gossip

තාජුඩින්ව මරපු අය බයෙන් ?

රග්බි කිව්වම පසු ගිය කාලේ ලංකාවේ ලොකු ප්‍රසිද්ධියක් තිබ්බනේ. දන්නවනේ ඒ ඇයි කියලා නේද ? මේ රග්බි සම්බන්ධව වෙච්ච ලොකුම සිදුවීම තමා තාජුඩින්ගේ මරණය. මේ ගැන රටේ ගොඩක් තැන්වල එක එක කතා මැවුනා. මොහුව මරලා කියලා සමහරු කිව්වා, සමහරු කිව්වා රිය අනතුරකින් හැප්පිලා මැරිලා කියලා. මෙවැනි කතා මැවෙන අස්සේ තාජුඩින්ගේ සිරුරත් ගොඩ ගත්තා මරණය සිදුවුනේ කොහොමද කියලා තහවුරු කරගන්න.

රිය අනතුරකින් මොහුගේ මරණය සිදුවූ බව පොලිසියත් නිගමන කළා නේ එත් ඉතින් ඕන්න මේ රග්බි ක්‍රීඩකයාගේ මරණය සිදුවුනේ කොහොමද කියලා ඊයේ දවසේ හරියටම තහවුරු වෙලා තියෙනවා.

ඒ අනුව අධිකරණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්තාව අනුව මරණ්න කලින් තාජුඩින්ට නොසෑහෙන ලෙස පහරදීලා තියෙනවලු. ඊට පස්සේ තමයි ඔහුගේ සිරුර වාහනයේ වම් මඟී අසුනේ තියලා අනතුරක් නිසා තාජුඩින් මියගිය බව පෙන්නන්න හදලා තියෙන්නේ.

ඒ වගේම තාජුඩින්ගේ දේහය ගොඩ ගන්නා විට වෛද්‍ය විද්‍යාත්මක වැදගත්කමක් ඇති තාජුඩීන්ගේ කලවා ප්‍රදේශයේ අස්ථි කැබලි දෙකක් හා පපු අස්ථිය තිබුණේ නැතිලු.

තාජුඩින් මියගිය අවස්ථාවේ සිදුකළ පළමු මරණ පරීක්ෂණයේදී අස්ථි කොටසක් සහ දේහය ගොඩ ගැනීමෙන් පසුව දෙවන මරණ පරීක්ෂණයේදී ලබාගත් අස්ථි කොටසක් වගේම තාජුඩින්ගේ මවගේ රුධිර සාම්පලයක් පරික්ෂා කර තිබෙනවා. ඒ අනුව ගොඩගත් දේහය තාජුඩින්ගේ බව තහවුරු වුනා.

දැන් තාජුඩින් මැරූ බවට සහතිකයි. ඒ නිසා මේ අපරාධය සිදුකළ සියල්ලන්ම බයෙන් ඉන්න බව නම් කිසිඳු සැකයක් නැහැ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.