Political

දියවන්නාවෙන් ඇහුන ලොකුම “හූව” මෙන්න

පහුගිය දවස් ටිකේ වගේම මේ වනකොටත් අපේ රටේ වැඩියෙන්ම කතාබහට ලක්ව ඇති මාතෘකාවක් තමයි අය වැය කියන්නේ….

ඒකාබද්ධ රජයක් විදිහට ඉදිරිපත් කරපු මේ අයවැයේ හොද නරක තීරණය කරන්න පුළුවන් ඔයාලාට තමයි…

හොද කියන අය හොද විතරක් කියනවා. නරකයි කියන අය රජයට බනිනවා, උද්ඝෝෂන කරනවා…

ඒ දේවල් කොහොම වුනත් රටටම වැදගත් දිනයක් වූ අයවැය තුන්වැනිවර ඡන්ද විමසීමේදි ඔයාලා දන්නේ නැති සිදුවීම් කිහිපයක් ද උත්තරීත පාර්ලිමේන්තුව ඇතුළේ වෙලා තියෙනවා.

ඒ සිදුවීම් කිහිපය කියන්නයි අපි මේ සූදානම් වන්නේ….

අයවැය ඡන්ද විමසීමේදි කථානායකවරයා මුලින්ම අගමැතිතුමාගෙන් ඡන්දය විමසුවා. ඊට පස්සේ අගමැතිතුමා පක්ෂයි කියලා කිව්වා.

ඊට පස්සේ තලතා අතුකෝරාලා මන්ත්‍රීවරියගෙන් ඡන්දය විමසුවා, ඒත් ඒ වෙලාවේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු සභා ගර්භයේ හිටියේ නැහැ. ඒ එක්කම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් හූ කියන්න පටන් ගත්තා. ඒ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම කලබලකාරී ස්වරූපයකින් පාර්ලිමේන්තුවේ තමන්ගේ කණ්ඩායම ඉන්න පැත්ත දිහා බලලා තියෙනවා.

මේ සිද්ධිය අතරේ අකිල විරාජ් කාරියවසම්ගෙන් ඡන්දය විමසුවා ඒ වෙලාවේ ඒ මහත්තයත් ඔහුගේ පාර්ලිමේන්තු අසුනේ හිටියේ නැහැ.

ඒ වෙලාවෙම එකපාරට පොඩි ළමයෙකු වගේ අකිල විරාජ් මන්ත්‍රීවරයා දුවගෙන පාර්ලිමේන්තු සභාගර්භයට ඇවිත් තියෙනවා. ඒ එක්කම තලතා අතුකෝරාලා මන්ත්‍රීවරියත් හතිහලාගෙන ඇවිත් තමන්ගේ ආසනයේ අසුන් ගත්තා.

කොච්චර හතිහලාගෙන ආවත් තලතා මන්ත්‍රීවරියට නම් ඡන්දය ලබාදෙන්න හැකි වුනේ නැහැ.

මේ සිදුවීම් අතරවාරයේ පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායමක් හූ හූ කිය කියා කෑගහන්නට වුණා.

ඒ විතරක් නෙමෙයි රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාගෙන් ඡන්දය විමසූවිට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විරුද්ධයි කියා කෑගහලා කියලා තියෙනවා. කොහොම වුනත් ඒ එක්ක කලබල වුනු රවී කරුණානායක මහතා එකපාරටම පක්ෂයි කියලා තියෙනවා.

ඒ වගේම විමලවීර දිසානායක මන්ත්‍රීවරයාගෙන් ඡන්දය විමසූවිට ඔහු කියලා තියෙන්නේ “හොදටෝම විරුද්ධයි” කියලයි….

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ඡන්දය විමසන වෙලාවේ ඔහු අසුනේ හිටියෙත් නැහැ… ඒ නිසා ආණ්ඩු පක්ෂයෙනුත් ලොකු හූවක් දාලා තියෙනවා….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.