Gossip

මින්නේරියේ වත්තකට අහසින් බෝලයක් වැටිලා

මින්නේරිය ප්‍රදේශයේ ජනතාව ඊයේ උදෑසන පොඩ්ඩක් කලබල වෙලා. ඒ අහසින් මොකක්දෝ වැටුන නිසා.හැබයි අහසින් වැටුනේ මොකක්ද කියලා එතනට බලන්න ගියාම ජනතාවට හිනත් ගියාලු.

මේකයි වෙලා තියෙන්නේ දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් මගින් දෙස් විදෙස් සංචාරකයින් සඳහා උඩුගුවනේ සිට පරිසරයේ සුන්දරත්වය අත්විඳිමට යොදාගෙන තිබෙන වායු බැලුනයක් ඊයේ උදෑසන හදිසියේ මින්නේරිය දාසය හමාර ප්‍රදේශයේ වෙල්යායකට ගොඩබලා තියෙනවා.

එහෙම කරලා තියෙන්නේ උඩුගුවනේ සුළඟේ වේගය වැඩි වීම නිසාලු. ඒ වෙලාවේ බැලුනයේ සංචාරකයින් හත් දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි මේ බැලුනයේ නියමුවාගේ දක්ෂතාවය නිසා තමා මේ කට්ටියත් එක්ක පරිස්සමින් ගොඩට බාලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.