Gossip

ගාර්මන්ට් සේවිකාව දුෂණය කර මැරූ කොල්ලා තවත් තරුණියක් සමඟ කැලේදී වස බීලා

මහියංගන ඇගලුම් ආයතනයේ සේවය නිමවී නිවෙස් බලා පැමිණෙමින් සිටි වයස 18ක වන තරුණියක් දුෂණය කර මරාදැමිමට සම්බන්ද සැකකරුවෙකු අද (03) දහවල් මහියංගන පොලිසිය හා ගම්වාසින් 100ක් පමණ එක්වී සිදු කල මෙහෙයුමකදී අත්අඩංගුවට අරගෙන.

අද (03) උදැසන සැකකරුගේ බිරිදද ඊයේ රාත්‍රියේදී ඝාතනය කර ඇති බවට ගම්මානය පුරා රාවයක් ගිය අතර පොලිසිය හා ගම්වාසින් ඔහුන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා.

ඇගලුම් සේවිකාව දුෂණය කර මරා දැමු ස්ථානයේ තිබු පාවහන් යුවල පොලිස් නිළ සුණඛයාහට ඉව කරන්නට දීමෙන් පසු ඊයේ (02) දින සුනඛයා ගම්මානයේ තරුණයෙකුගේ නිවසක් වෙත ගොස් ඇති අතර ඒ අනුව පොලිසියේ අවදානය ඔහු වෙත යොමු විය.

එම සැකකාර තරුණයා වයස 18ක තරුණයෙක් වන අතර මිට පෙර විවාහ වී දරුවෙක්ද සිටි. පෙර විවාහයේ බිරිද අත් හැර වයස අවුරුදු 15ක බාල වයස්කාර වෙනත් තරුණියක් ඔහු විසින් මේ වන විට නිවසට රැගෙන විත් තිබින. බාලවයස්කාරියක් විවාහයට ගැනිම සම්බන්දයෙන් ඔහුහට මහියංගන උසාවියේ නඩුවකුත් තියෙනවලු.

සැකකරු හා ඔහුගේ ලාබාල වත්මන් බිරිඳ සමඟ අලුකැටියාව ගම්මානයේ ඝණ කැලයක් තුල සැඟව සිටියදි පොලිසියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඔහුගේ වත්මන් බිරිඳද බලහත් කාරයෙන් ගම්මානයේ ඝණ කැලයක් සහිත කදුවැටිය දෙසට ඇදගෙන යන බව ගම්වාසින් දැක ඇති අතර ඒ අනුව ගම්වාසින් හා පොලිසිය එක්ව ඔහුන් සොයා විශේෂ මෙහෙයුමක් සිදු කෙරින.

සැකකරු පොලිස් අත්අඩංගුවට පත් වනවිට ඔහුගේ වත්මන් බිරිඳට වස පොවා ඔහුද වස පානය කරලා. ඒ අනුව දෙදෙනාම ප්‍රතිකාර සඳහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.