Gossip

මව් සෙනෙහස වැසිකිළියක් අසල නානකාමරයකට දැමු මිණිබිරිය

ලේ කිරි කරලා අම්මා කෙනෙක් දරුවෙක්ව වදන්නේ අපරිමිත සෙනෙහසකින්. ඒ වදාපු දරුවාව පෝෂණය කරලා උස් මහත් කරන්නේ දහසකුත් බලාපොරොත්තු තියාගෙන. ඒ බලාපොරොත්තු එක තත්පරයකින් විනාශ කරලා අම්මා තාත්තා දුවිල්ලක් වගේ අහක දමන දරුවෝ මේ සමාජයේ ඉන්නවා.

මතක ඇතිනේ ඔබට පසුගිය දවසක තාත්තා කෙනෙක්ව දුවෙක් බලු කූඩුවේ දාලා තිබුණ හැටි..මේ කියන්න යන්නෙත් ඒ වගේම සිද්දියක් තමා හැබැයි මේක වුනේ තාත්තා කෙනෙකුට නෙමේ අම්මා කෙනෙකුට.

මේ අසරණ අම්මාව ඇයගේ මිණිබිරි වැසිකිළියක් අසල නානකාමරයක දාලා තියෙනකොට ලැබුණ ආරංචියක් මත මිටියාගොඩ පොලිසිය හොයාගෙන තියෙනවා.

මීටියාගොඩ කළුවරබැද්ද ප්‍රදේශයේ මුදියන්සේවත්ත ප්‍රදේශයෙන් සොයා ගැනුණු මවගේ වයස අවුරුදු 78ක්.

ඇයට දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඉන් එක් දියණියක් විදේශගතව සිටිනවා. එලෙස විදේශගතව සිටින එම කාන්තාවගේ දියණිය විසිනුයි මෙලෙස වයෝවෘද්ධ කාන්තාව දොරක් හෝ නොමැති අනාරක්ෂිත නානකාමරයේ දමා ඇත්තේ.

එහි දොර වෙනුවට තිබී ඇත්තේ යකඩ කම්බි කිහිපයක්. එයට ඉබ්බෙකු දමා මහළු කාන්තාවට එළියට යෑමට නොහැකි වනසේ අගුළු දමා තිබෙනවා.

ඇයව අනාරක්ෂිත ලෙස නානකාමරයේ දමා තිබූ මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

ඡායාරූප – දීපාල් සිල්වා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.