Gossip

කහවත්තේ ස්ත්‍රී දුෂණ රැල්ල මහියංගණයටත් බෝවෙයි

කහවත්තේ ස්ත්‍රීන් කිහිපදෙනෙකු දුෂණය කර මරා දැමීම, යාපනයේදී සිසුවිය විද්‍යාව දුෂණය කර මරා දැමීම, ආදී ස්ත්‍රී දුෂණ රැසක් ලංකාවේ සිදු වෙලා තියෙනවා. කුමක් හෝ හේතුවක් නිසා කාමාතුරයන් විටින් විට අප සමාජයෙන් මතුවෙනවා. මෙහෙම වෙන්නේ ඇයි? හේතුව මොකක්ද කියලා කතා කරන්න හැදුවොත් එක උත්තර නැති ප්‍රශ්නයක් වගේ වෙයි.

මේ දුෂණ රැල්ලේන් බිහිවූ තවත් ඛේදවාචකයක් දෙසැම්බර් පළමුවෙනිදා සිදුවෙලා තියෙනවා.

ඒ මහියංගන ෂේඩ්ලයින් ඇගලුම් ආයතනයේ සේවය නිමවී නිවෙස් බලා පැමිනෙමින් සිටි වයස අවුරුදු18ක් වන තරුණියක් රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේදී ලදු කැලයකට රැගෙන ගොස් දුෂණය කර මරා දැමීමයි.

මෙසේ දුෂණය කර මරා දමා ඇත්තේ වේවත්ත, කන්නල්කුඹුර, අංක 08 නිවසේ පදිංචිව සිටි වයස 18ක් වන බස්නායක මුදියන්සේලාගේ රම්‍යා විදර් ෂනී අබේවර් ධන නම් තරුණියවයි.

රිදිමාලියද්ද ප්‍රාදේශිය, අලුකැටියාව තේක්ක ගොවි වන වගාව තුල මෙම තරුණිය මරා දමා සිටියදී ඊයේ උදෑසන ගම්වාසින් විසින් සොයාගෙන.

මිට මාස 3කට පෙර සිට ඇගලුම් කම්හලක සේවය කිරිම සඳහා රිදිමාලියද්ද, අලුකැටියාව ප්‍රදේශයේ තම මවගේ සහෝදරයාගේ නිවසට පැමිණි රම්‍යා, එහි සිට ඇගලුම් කම්හලේ සේවය සදහා ගොස් තිබෙනවා.

දෙසැම්බර් පළමු දින ඇගලුම් කම්හලේ සේවය නිමවි සවස නිවසට නොපැමිනිම හේතුවෙන් මාමා ඇතුලු නිවෙස් හිමියන් හා ගම්වාසින් ප්‍රදේශය පුරා රම්‍යාව හොයලා තියෙනවා.

ඒ වෙලාවේදී මාමාගේ නිවසට ආසන්න කැලෑ කුට්ටිටක් අද්දර ඇයගේ ජංගම දුරකතනය හා කුඩය වැටි තිබෙනු දැක ඒ සම්බන්දයෙන් මහියංගන පොලිසිය දැනුවත් කරලා.

ඉන්පසු පොලිසිය හා ගම්වාසින් එක්ව ඇය සොයා රාත්‍රියේ මෙහෙයුම් සිදු කලද ඇය සොයා ගැනිමට නොහැකි වී තිබෙනවා. නමුත් දෙවැනිදා උදෑසන ලඳු කැලෑවක තිබී හමුවී තිබෙනවා.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ එම් ජයතිලක මහතා හා මහියංගන පොලිසියේ නිළධාරින් සිද්දිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ.

මෙම අපරාධය කළේ කවුද? මෙහෙම කළේ ඇයි ? කියන්න තාමත් අභිරහසක්…

 

ඡායාරූප – මහියංගණ රංජිත් කරුණාවීර
.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.