Gossip

ශ්‍රී ලංකාවේ සිදුවු බිහිසුණුම ගුවන් අනතුර මතකද ?

ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුවු බිහිසුණුම ගුවන් අනතුර සිදුවි හෙටට (04.11) වසර හතළිස් එකක් සපිරේනවා.

1974.12.04 වන දින මක්කම බලා පියාසර කරමින් තිබු ඕලන්ද රාජ්‍යට අයත් මාර්ටින් එයාර් ඩි.සි 8 ගුවන් යානය ඉන්දුනීසියාවෙි සුරවෙයාර් ගුවන් තොටුපලින් වන්දනාකරුවන් එකසිය අසුදෙකක් හා කාර්්‍යමණ්ඩලය නවදෙනෙකු රැගෙන පියාසර කරමින් තිබුණා. මෙම ගුවන් යානය ආගරපතන, නෝර්වුඩ් කාසල්රි ජලාශයට ඉහළින් පියාසර කරමින් තිබියෙදි එදින රාත්‍රී 10.10ට පමණ නෝර්ටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් ටෙබර්ටන් වතුයායට ඉහළීන් පිහිටි ස්වප්තකන්‍ය කන්දේ හැපි එම ගුවන් යානයේ සිටි 191 දෙනෙක් ජිවතක්ෂයට පත්වි තිබෙනවා.

කඳු පාමුල සිරුරු කිහිපයකුත් ස්වප්ත කන්‍ය කන්ද ඉහලේ තවත් සිරුරු කිහිපයකුත් වැටි තිබි සොයා ගෙන තිබෙනවා. පසුව ඉන් සිරුරු 190 ක් ස්වප්තකන්‍ය කන්ද පාමුල මිහිදන් කර ඇති  අතර, එම ගුවන් යානයේ ගුවන් සේවිකාවකගේ සිරුර පමණක් ඇගේ පෙම්වතා ඉන්දුනිසියාවෙි සිට හෙලිකොප්ටර් යානයකින් මෙරටට පැමිණ ඉන්දුනිසියාවට රැගෙන ගිය බවයි මෙම ගුවන් අනතුර සියසින් දුටු ප්‍රදේශවාසින් පවසන්නේ.

එම ගුවන් යානයේ තිබු අමතර කොටස් කුඩා කැබලි වලට කැඩි වැටි තිබු බවත් එම ගුවන් යානයේ තිබි වැටි තිබු විශාල මුදල් තොගයක් ප්‍රදේශවාසින් විසින් අහුලා ගත් බවත් පවසන ප්‍රදේශවාසින් ඉන් හොන්කොන් රාජ්‍යයේ ඩොලර් දහයේ (10) නෝට්ටුවක් තාමත් සුරක්ෂිතව තබාගෙන.

එම ගුවන් අනතුර දැක බලා ගැනිමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට එවකට  විශාල පිරිසක් පැමිණී බවයි ප්‍රදේශවාසින් පවසන්නේ. මෙම අනතුරට පත් ඩි.සි 8 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා වශයෙන් කටයුතු කර ඇත්තේ නෙදර්ලන්ත ජාතික හෙන්රික් ලැම්රේ නැමැති (52) හැවිරිදි ගුවන් නියමුවායි. පසු ගිය කාලයේ එම ප්‍රධාන ගුවන් නියමුවාගේ පුත්‍රයා ගුවන් අනතුර සිදුවු ස්ථානයට පැමිණ  ගුවන් අනතුර පිළිබඳව රුපවාහිනි වාර්තාමය වැඩ සටහනක් පටිගත කර එම ගුවන් යානයේ ගමන් කළ කාර්ය මණ්ඩලයේ නවදෙනාගේ නම සඳහන් සිහි වටනයක් නෝර්ටන් බ්‍රිජ් පොලිසිය ඉදිරිපිට දැනට සිහිවටනයක් ලෙස තබා ඇති අනතුරට පත් ගුවන් යානයේ ඉදිරිපස රෝදය අසල තැන්පත් කර තිබෙනවා.

මෙම ගුවන් අනතුරෙන් මියගිය අය මිහිදන් කර ඇති ස්ථානය අසල එම ගුවන් යානයේ ලාංජනය සවිකර තිබුණද කිසියම් පිරිසක් විසින් එම සිහිවටනය මේ  වන විට ගලවා ගෙන ගොස් තිබෙනවා. මෙම ගුවන් අනතුර ගුවන් යානයේ සිදුවු තාක්ෂණ දෝෂයක් හේතුවෙන් අනතුරට පත් වු බව ඒ පිළිබදව පරික්ෂණ පැවැත්වු පරික්ෂණ කණ්ඩායම් විසින් වාර්තාවක් මගින් ඉදිරිපත් කර තිබෙනවා.

 

ඡායාරුප අනුග්‍රහය – රංජිත් රාජපක්ෂ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.