Gossip

මිනිසාට මෙන්ම සුනඛයාටද එකසේ සලකන පොලිස් කොස්තාපල්

‘‘පොලිසිය හරියට අපිට සලකන්නේ බල්ලන්ට වගේ’’ යැයි ප්‍රකෝපකාරි ලෙස ආවේගයට පත් ජනතාව තරාතිරම නොබලා නිරන්තරයෙන්ම පොලිසියට දෝෂාරෝපණය කරන අවස්ථා අපට නිරන්තරයෙන්ම අසන්නට ලැබෙන වාර අනන්ත අප්‍රමාණය. නමුත් එහිද යම් කිසි සත්‍යතාවයක් නැතුවාම නොවේ..  නමුත් බල්ලෙක්ට මිනිසෙකුට වගේ සලකන පොලිස් නිලධාරියෙක් අපට මුණගැහුනා.

වනාතවිල්ලුව පොලිස් ස්ථානයට අනුයුක්තව රථ වාහන අංශයේ රාජකාරි යෙදී සිටින පොලිස් කොස්තාපල්වරයෙකු වන (60689) පැතුම් මහතා අසරණ සුනඛ රැළකට කරුණාව දක්වන ආකාරය ඉතා සංවේදී දසුනක් විය.

රථ වාහන රාජකාරි නිමාකර පොලිසිය වෙත පැමිණෙන මෙම කොස්තාපල් වරයා දෙස ඇසි පිය නොහෙලා බලා සිටින සුනඛ රැළක් කාකි කෝටයට පිත්තල බොත්තම් පැලදුවාට සුදු පාට හරස් පටියක් ඇන්දාට අපි එක්කත් විනෝද වන්න එන ලෙස ආරාධනා කරන්නේ විවිධාකාරයේ හපන්කම් පෙන්වමිනි.

මෙම කොස්තාපල්වරයා පිරිවරා ගන්නා මේ සුනඛ රැළ ගරු බුහුමන් දැක්වා ආචාරකරන්නේ සුරතල්වීමට මිස වෙන කුමකටවත් නොවන බව අපට මනාව පැහැදිලි වූයේ ‘‘පොලිසිය හරියට අපිට සලකන්නේ බල්ලන්ට වගේ’’ යැයි ජනතාව කියන කියමනේ සත්‍යතාවය පිළිබිඹු වන ආකාරයට.

ජනතාවගේ ප්‍රශ්ණ රැසක් හද පොදි බැදගත් මොවුන්ට මහ ජනතාවගෙන් පමණක් නොව තම දෙපාර්ත්තුමේන්තුවෙන්ද විවිධාකාරයේ අභියෝග බාධා දඩුවම් විද දරා ගැනීමට සිදුව තිබේ.

ඒ සියල්ලන්ටම නොබියව මුහුණ දෙන මොවුන් මිනිසාට පමණක් නොව සතා සිව්පාවාටද කරුණාව, දායාව, අනුකම්පාව, සෙනෙහස, රැකවරණය නොඅඩුව ලබා දීමට කැපවී සිටින පිරිසක් බව කිව යුතුය.

කොස්තාපල්වරයා මේ සුනඛයින්ට ලබා දෙන්නේ රස බොජුන් නොව තමා කා ඉවත දමන බත් පතේ ඇති බත් ටිකට මෙතරම් ලෙන්ගතුකමක් දක්වන්නේ කොස්තාපල්වරයා ඔවුන්ට සෙනෙහස, කරුණාව, රැකවරණය නිරතුරු ලබා දෙන නිසාවෙන් බව අපට වැටහිනි.

කොස්තාපල් වරයාව බැරක්කය දක්වා රැගෙන යාමට ඉවසිල්ලක් නැති මේ සුනඛ රැල උඩ බුරමින් කොස්තාපල් වරයාට නොයෙකුත් සංඥා ලබා දෙන්නේ කීකරු විලාසයෙනි.

සතා සිව්පාවාට මෙන්ම මිනිසාටද සෙනෙහස රැකවරණය ආරක්ෂාව නොඅඩුව ලබාදීමට නිරන්තරයෙන් ඇප කැප වූ පොලිසිය අප රටටම මහත් ආඩම්බරයක් එක්කරන තවත් මුරදේවතාවන් පිරිසකි.

සේයා රූ – පුත්තලම කේ.ප්‍රියංකර

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.