Gossip

ගුරු වෘත්තියට අවමාන කළ නියෝජ්‍ය විදුහල්පති

ගුරුවරුන් කියන්නේ දෙවිවරුන් කියනවනේ..පාසලේ එක වසරේ සිට 13 වසර වෙනකන් අපිට ගුරුවරු අම්මා තාත්තා වගේ ආදරෙන් අකුරු කියාදෙනවා. අපිව සමාජයේ උගත්, යහපත් පුරවැසියන් කරන්න ඔහුන් ගොඩක් මහන්සි වෙනවා..

නමුත් අද කාලයේ සමාජයේ වෙන සමහරක් දේ තුලින් ගුරු වෘත්තියට සිදුවන්නේ විශාල අවමානයක්. කිහිපදෙනෙක් කරන වැරැද්දෙන් තමයි මෙහෙම වෙන්නේ..එලෙස ගුරු වෘත්තියට අවමාන කළ ගුරුවරයෙක් දැන් ඉන්නේ ඇල්ල පොලිසිය භාරයේ.

මොහු බදුල්ල, ඇල්ල ප්‍රදේශයේ පාසැලක නියෝජ්‍ය විදුහල්පති කෙනෙක්. මොහු අනාගතය පිළිබඳව ගොඩක් හීන මවන් ඉන්න අහිංසක දැරියකට මහා විනාශයක් සිදුකරලා.

එම පාසලේ ගබඩා කාමරයක් තුළ මේ නියෝජ්‍ය විදුහල්පති තුමා 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන එම දැරියට ලිංගික අපයෝජන සිදුකරලා. මෙහෙම කරලා තියෙන්නේ පාසල් දිවා කාලයේදී.

ඒ ගුරුවරයා පොලිස් අත්අඩංගුවේ සිටියත් කවදා හරි නිදහස් වෙයි. එත් මේ දැරියට අහිමිවූ දෙය නැවත කාටවත් කෙදිනකවත් ලබා දිය නොහැක..

දැන්වත් මේ දුෂණ රැල්ල නවතිනවානම් මෙවැනි අහිංසක ජීවිත හැමදාමත් සතුටින් ජීවත් වේවි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.