Gossip

නොසිතු මොහොතක සිදුවු අනතුරෙන් මිණිබිරියකට අත්තාම්මව අහිමි වෙයි

දවසින් දවස ලංකාවේ මහා පාරවල් වලට වැටෙන වාහන ප්‍රමාණය වැඩිවෙනවා. ඒ වගේම දවසින් දවස රිය අනතුරුත් වැඩි වෙනවා. මේ රිය අනතුරු ගොඩක් සිද්ද වෙලා තියෙන්නේ රියදුරුගේ වැරැද්දෙන්. අහිංසක ජිවිත ගණනාවක් මේ සිදුවන රිය අනතුරු බිලිගන්නවා.

එවැනි අනතුරක් අද සිදුවුණා.

මහියංගන පදියතලාව පාරේ බස් නැවතුම්පලක් අසළ තමා මේ අනතුර සිද්ද වෙලා තියෙන්නේ. මේ අනතුරෙන් මරණයට පත්වුණේ අවුරුදු 65ක් වයසැති බණ්ඩාර මැණිකා..

වේගෙන් ආපු මෝටර් රථයක් මාර්ගෙන් ඉවතට පැනලා බස් නැවතුමක් කඩාගෙන ගිහින්ලා. තමාගේ මිණිබිරිය පාසලට ඇරලවලා ආපහු ගෙදර එමින් සිටි බණ්ඩාර මැණිකා මේ අනතුරෙන් බරපතල තුවාල ලැබුවා. එයාගේ කකුළ කාර් එකයි දැන්වීම් පුවරුවක් අතරයි හිරවෙලා තිබුණ නිසා කට්ටිය එයාව බේරගන්න හුඟක් මහන්සි වුනා.

කොහොම වුනත් අපරික්ෂකාරිව රිය පැදවූ රියදුරා එතැනින් පැනලා ගියා..

ඒ වෙලාවේ බස් නැවතුම්පලේ හිටපු තවත් කාන්තාවක් ඉවතට පැනලා යන්තමින් ජිවිතේ බේරගෙන..

පැනලා ගිය රියදුරාව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.