Gossip

ජෙනිෆර් පිරිමින්ට වඩා ගැහැණුන්ට ආසයි වගේ

හොලිවුඩය තුළ නිළියක්, ගායිකාවක්, ඇඳුම් නිර්මාණ ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේ වැඩ ගොඩක් කරන ශිල්පිනියක් තමයි ජෙනිෆර් ලෝපේස් කියන්නේ.

ඉතින් මෙච්චර ගොඩක් වැඩ කරන ජෙනිෆර් පිරිමින් ගැන සතුටින් ඉන්න බවක් නම් පෙන්න නෑ. එහෙම කියන්න හේතුව ඇය පසුගියදා Marie Claire නම් සඟරාවට පළ කර අදහසක් නිසා.

මෙම සඟරාව වෙත අදහස් පළ කරමින් ජෙනිෆර් පවසා ඇත්තේ පිරිමින් අපේ ජිවිත වෙත පැමිණෙන ඉක්මණින්ම ආපසු යන බවයි.  නමුත් ඇගේ ගැහැණු යහළුවන් හැම මොහොතේම තමන් සමඟ සිටි බව ඇය පවසනවා.

දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙන ජෙනිෆර් ලෝපේස් තෙරවරක්ම විවාහ දිවියට ඇතුලත් වුවත් ඒ සියලුම විවාහ කෙළවර වූවේ දික්කසාදයකින්.

46 හැවිරිදි ජෙනිෆර් පවසන්නේ ලෝකයේ සරාගීම සහ ලස්සනම කාන්තාවක් ලෙස විවිධ පුද්ගලයන් තමන්ව හැදින්වීමද එතරම් ප්‍රිය නොකරන බවයි.

ජෙනිෆර් Marie Claire සඟරාව සැරසූ ඡායාරූප කිහිපයක් පහත දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.