Gossip

ඉතිහාසයේ පළමු වරට නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් සබරගමුවේ එජාප මහ ගෙදර

ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පසුගිය සඳුදා උදෑසන කුලියාපිටිය සිය නිවසින් පිටත් වූවේ හපුතලේ කොස්ලන්ද මිරියබැද්ද බලා යාමටය.

රත්නපුර හරහා යන ඒ ගමනට සිය නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා පැල්මඩුල්ලේදී එක්වීමට නියමිතව තිබුණි. අනුර ප්‍රියදර්ශන යාපා මහතා ගන්කන්ද නිවසට පැමිණීම දුනේෂ් ගන්කන්ද මහතාට විශේෂ සිදුවීමක් විය. ඒ වසර හැට හැත්තෑවක මෑත දේශපාලන ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙකු තම නිවසට ගොඩවන පළමු අවස්ථාව වන බැවිනි. දුනේෂ් ගන්කන්දගේ මහ ගෙදර හෙවත් ගන්කන්ද නිවස සබරගමුවේ එජාප මහ ගෙදර ලෙස විරුදාවලි ලද්දකි.

ඩී.එස්.සේනානායක, සර් ජෝන් කොතලාවල, ඩඩ්ලි සේනානායක, ජේ.ආර් ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, රනිල් වික්‍රමසිංහ වැනි එක්සත් ජාතික පක්ෂ නායකයින් ගන්කන්ද නිවසට පැමිණීම කොතෙකුත් සිදු වී ඇතත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැමිණෙන තෙක් එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික මට්ටමේ නායකයෙකු එම නිවසට පය ගසා නැත.

මේ නිසාම යාපා මහතාගේ පැමිණීම ගන්කන්ද මහතාට දේශපාලන වශයෙන්ද සුවිශේෂී වැදගත්කමකින් යුතු සිදුවීමක් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.