Gossip

නිවුන් දරුවන්ගේ පළමු හමුවීම…

මෙළොව එලිය දකින්න පෙර සිටම එකිනෙකා හඳුනාගෙන සිටින බැවින් නිවුන් දරුවන් අතර ඇත්තේ පවුලක අනෙකුත් සහෝදර සහෝදරියන් අතර තිබෙනවාට වඩා සුවිශේෂී බැඳීමක්….

නිවුන් දරුවන් අතර ඇති ඒ සුවිශේෂී බැඳීම අපුරුවට පෙන්වන මේ වීඩියෝව සත්‍ය සිදුවීමක්….

මවු කුසෙන් එළියට පැමිණි විගස එක නිවුන් සොහොයුරෙක් කෑ ගසා හඬමින් තම සහෝදරයාව සොයනවා. විනාඩි කිහිපයකයට පසුව උපත ලද  අනෙක් සහෝදරයා තමන් සමීපයට ගෙනවිත් තබන තෙක් ම මේ බිළිඳාගේ හැඬිම නවතින්නේ නැහැ.

තම සහෝදරයාව තමන් සමීපයට ගෙන ආ විගස හැඬිම නවත්වන බිළිඳා, තම සොහොයුරාගේ අතකින් අල්ලා ගන්නවා.

උපත  ලබා විනාඩි කිහිපයකට වඩා නැති මේ දරුවන් දෙදෙනා ගේ බැඳීම, නිවුන් දරුවන් අතර ජිවිත කාලය පුරාවට ම පවතින දැඩි සහෝදර බැඳීම පිලිබඳ කදිම නිදසුනක්…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.