Gossip

මහින්දගේ උපන් දිනය දවසේ කතා වෙච්ච කේලම්

මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ජන්ම දින සැමරුම් උත්සව මාලාව ජයට ගියා නේ..මේක ඊළඟ ඡන්දෙට වෙනම පක්ෂෙකින් ඡන්දෙ ඉල්ලන්න හදන කණ්ඩායම්වලට තල්ලූවක් දෙන්න ඕන හින්දා කරපු වැඩක් කියලා තමා කතාව යන්නෙ.

මහින්ද මහත්තයාගේ උපන් දිනේ පාවිච්චි කරලා ජනතාව සංවිධාන කරන්න කරපු වැඩක් කියලා තමයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෛතී‍්‍ර පාර්ශවයේ අය කියන්නෙ. හැබැයි මේ උත්සවයට ගිය අය නම් ඒ චෝදනාව පිළිගන්නෙ නැහැ.

කොහොම වුණත් මේ උත්සවයට ඒකාබද්ධ විපක්ෂය හැටියට පෙනී ඉන්න පක්ෂවල නායකයෝ ඔක්කොම ආවලූ. විමල්, දිනේෂ්, වාසු, තිස්ස විතාරණ වගේ අය මහින්ද මහත්තයාගේ උපන් දිනේ වෙනුවෙන් අනුරාධපුරයේ තිබුණු උත්සවයට බැහැලම වැඩ කළා.

මේ උත්සවයට සහභාගී වෙන්න මහින්ද මහත්තයා උදේම අනුරාධපුරයට ගියා. ඒ නාරාහේන්පිට අභයාරාමයේ ඉඳලා. අභයාරාමේ තිබිච්ච කිරිඅම්මාවරුන්ගේ දානයෙන් පස්සෙ එතුමා හෙලිකොප්ටර් යානයකින් තමයි අනුරාධපුරයට ගියේ.

අනුරාධපුරයට ගිහින් එතුමා විවේක ගන්න ගියේ නොච්චියාග සමනල හෝටලයට. දහවල් ආහාරය ගත්තෙත් එතනින්. ඊට පස්සෙ ජන්ම දින පිංකම් මාලාවට සහභාගි වූ හිටපු ජනාධිපතිතුමා ථූපාරාමේ නායක හාමුදුරුවන්ගේ සුවදුක් බලන්නත් ගියා.දැන් උන්වහන්සේගේ වයස අවුරුදු 101 ක්.

හිටපු ජනාධිපතිතුමා වෙනුවෙන් එදා රාති‍්‍ර භෝජන සංග‍්‍රහය ලෑස්ති කළේ එස්.එම් චන්ද්‍රසේන හිටපු ඇමතිතුමාගේ ගෙදර. මේකට මහින්ද මහත්තයත් එක්ක තවත් හිටපු මැති ඇමතිවරුන් පිරිසක් ඇවිල්ලා හිටියා.

කෑම කන ගමන් ආගිය තොරතුරු කතා කරන අතරේ මහින්ද මහත්තයා අර පිරිස දිහා බලලා ප‍්‍රශ්නයක් ඇහුවා.

ශී‍්‍ර ලංකා එකේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී වෙල්ගම මහත්තයා දයාසිරි එක්ක රණ්ඩුවක් දාගත්තලූ නේද..?
‘‘දයාසිරිගේ  ඕනෙ නැති කතාවක් නිසා තමයි වෙල්ගම ඒකට පැටලූණේ. ’’ඩලස් කිව්වා.
‘‘නෑ ඉතිං වෙල්ගමලගෙ හිතට අමාරු ඇති ඒ වගේ කතා කිව්වම. වෙල්ගමලා ඉතිං උපන් ගෙයි ශී‍්‍ර ලංකාකාරයෝනේ.’’
මේ කතාවට එස්.එම් චන්ද්‍රසේන මහත්තයත් එකතු වුණා.
‘‘ඒ කාලේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අනුරාධපුරයට ආවම අපේ අම්මා යන්නෙ නිල්පාට සාරියක් ඇඳගෙන. මම ශී‍්‍ර ලංකාකාරයෙක් වුණේ අම්මාගේ බඬේදි. හැබැයි දැන් අපේ තනතුරු ඔක්කොම අයින් කරලා පැත්තකට දාලා.’’
මේ වෙලාවේ මහින්ද මහත්තයට එස්.එම් ගේ වේදනාව තේරුණා.
‘‘හරි හරි. අපි ඔක්කොම එකතු වෙලා ශී‍්‍ර ලංකා එක හදමු.’’ මහින්ද මහත්තයා එස්.එම්ව සැනසුවා.

ඒ කියන්නෙ  මහින්ද මහත්තයා වෙන කන්ඩායම්වලට උදව් කරන්නෙ නැතුව ශී‍්‍ර ලංකා එක දිනවන්න මහන්සි වෙනවා කියන එකද.
එහෙම එකක් තමයි එදා කතාවෙන් නම් තේරුණේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.