Gossip

කතානායක නිල නිවසේ සාදය

කතානායකතුමා පහුගිය සතියේ විශේෂ සාද දෙකක් සංවිධාන කලා. මේ සාද දෙකම සංවිධාන කළේ මාධ්‍යවේදින් වෙනුවෙන්.
එක සාදයක් පැවැත්වුණේ පාර්ලිමේන්තුව ආවරණය කරන පාර්ලිමේන්තු මාධ්‍යවේදින් වෙනුවෙන්. අනිත් සාදේ එතුමා දන්න කියන මාධ්‍ය ආයතනවල සෙසු මාධ්‍යවේදින් වෙනුවෙන්.

ගිය 17 වැනිදා එක සාදයක් පැවැත්වුණා. අනිත් සාදෙ පැවැත්වුණේ ඊයේ කතානායකතුමාගේ නිල නිවසෙදි.

විවිධ සම්මුඛ සාකච්ඡා වගේ දේවල්වලට කලාතුරකින් මාධ්‍යවේදියෙක් දෙන්නෙක් මේ මන්දිරයට ගිහින් තිබුණත් මීට කලින් හුඟ දෙනෙක් මේ මන්දිරයට ගිහින් තිබුණෙ නැහැ.

මේකෙදි මාධ්‍යවේදින් කතානායක මන්දිරයේ එහෙ මෙහෙ ඇවිදලා ඒක බලා කියා ගන්නත් අමතක කළේ නැහැ.
‘‘මේක මහා විශාලයි. එක්කෙනෙකුට හොඳටම වැඩියි.’’කතානායකතුමත ඔවුන් එක්ක කිව්වා.

‘‘මේකෙ නැද්ද සර් බංකර්.’’ මේ වෙලාවේ මාධ්‍යවේදියෙක් කතානායකතුමන්ගෙන් ඇහුවා.
‘‘ඒක නම් තාම හොයලා බලන්න බැරිවුණා. ඔයලත් බලන්න එහෙම එකක් තියෙනවාද කියලා. දැක්කොත් මටත් කියන්න.‘‘
කතානායකතුමා මාධ්‍යවේදින් සමග සිනහවෙමින් කිව්වා.

මේ සාදයේදි කතානායකතුමා මාධ්‍යවේදින්ගෙන් පොදුවේ ඉල්ලීමකුත් කළා.
‘‘ අපි දැන් යහපාලනයට අවශ්‍ය කරන හුඟක් දේවල් කරලා තියෙන්නෙ. ස්වාධීන කොමිෂන් ඔක්කොම වගේ නම් කළා. දැන්  ඕගොල්ලන්ට වගකීම වැඩියි. නිදහසත් තියෙනවා. ඒ නිසා රට හදන්න  ඕගොල්ලොත් පුළුවන් විදිහට සහය දෙන්න.’’

කතානායකතුමාගේ මේ ඉල්ලීමට මාධ්‍යවේදින් වැඩි දෙනෙක් එකඟතාව පළ කළා. ඒ කියන්නෙ කතානායකතුමා හදන්නෙ ඔක්කොමත් එක්ක යහපාලනය ගොඩනගන්න. ඔව් ඉතිං රටක් හදන්න නම් හැමෝම එකතු වෙන්න ඕනේ තමයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.