Gossip

ප්‍රංශයට ප්‍රහාරයේ මහමොළකරු මරුතුරුළට…

ප්‍රංශයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වුනු ප්‍රධාන සැකකරු ජීවිතක්ෂයට පත්වෙලා කියලා ප්‍රංශ පොලීසිය තහවුරු කරලා තියෙනවා….

එරට අගනුවර මහල් නිවාස සංකීර්ණයක් ඉලක්ක කර ප්‍රංශයේ හමුදාව කරපු මෙහෙයුමෙන් මෙහෙම ජීවිතක්ෂයට පත්වුනේ ප්‍රංශ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන අබ්දෙල් හමීඩ් අබාවුද්….

ඒ අවස්ථාවේ දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් වුණා… වෙඩි හුවමාරුවෙන් පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අබාවුද්ගේ  මළසිරුර සුන්බුන් අතර තිබී සොයාගෙන තියෙනවා….

ප්‍රංශ ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන 27 හැවිරිදි අබ්දෙල් හමීඩ් අබාවුද් බෙල්ජියම් ජාතිකයෙක්.

ඒ වගේම ඉස්සරහට ප්‍රංශයට රසායිනික ප්‍රහාරයක් ද එල්ල වෙන්න පුළුවන් කියලය  ප්‍රංශ අගමැති මැනුවෙල් වෝල්ස් පාර්ලිමේන්තුවේදී කියලා තියෙන්නේ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.