Political

ප‍්‍රසන්න නාගදීපේ ගියේ ආණ්ඩු පෙරළන්නද ?

යාපනයේ වගේම මහියංගනයේත් නාගදීපය කියලා විහාරස්ථානයක් තියෙනවානේ…. ඒකත් ඓතිහාසික විහාරස්ථානයක්. දුටුගැමුණු රජතුමා එළාර සමග යුද්ධෙට යන්න කලින් මෙතනට බාරවුණා කියලා ජනප‍්‍රවාදයකුත් තියෙනවා. මහින්ද මහත්තයත් යුද්දෙ දිනන්න මෙතනට භාරවෙලා තියෙනවා කියල තමයි ආරංචිය…

කොහොමහරි මේ විහාරස්ථානයට පසුගිය දවසක හා හාපුරා කියලා අලුතින්ම දියවන්නාව තරණය කළ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමත් ඇවිත් තියෙනවා…

එතුමා එන ආරංචියට මහියංගනයේ මන්තී‍්‍ර තේනුක විදානගමගේත් ඇවිල්ලා හිටියා.

ප‍්‍රසන්නව පිළිගත්ත තේනුක ප‍්‍රසන්නගෙන් මෙහෙම ඇහුවා….

‘‘මන්තී‍්‍රතුමා දුටුගැමුණු රජතුමා යුද්දෙ දිනන්න මෙතනට බාරවෙලා තියෙනවා. මහින්ද මහත්තයත් යුද්දෙ දිනන්න බාරවුණා. ඔබතුමා ආවේ මොනවට භාර වෙන්නද..? ’’
‘‘මාත් ආවේ යුද්ධයක් දිනන්න බාර වෙන්න තමයි’’ ප‍්‍රසන්න උත්තර දුන්නා.
‘‘යුද්ධයක් දිනන්න..? ඒ මොන යුද්දෙද..?’’ ඇයි තේනුක විශ්මයෙන් ඇහුවා.
‘‘ඇයි මේ ආණ්ඩුව පරද්දන යුද්ධය.’’ එතකොට තමයි ප‍්‍රසන්න කියපු දෙපිට කැපෙන වචනෙ මොකක්ද කියලා තේනුකට තේරුණේ.

කොහොම හරි ඒ කියන්නෙ ආණ්ඩුව පරද්දන්න ප‍්‍රසන්න හැම දෙයක්ම කරනවා කියන එක තමයි අවසානයේ කියන්න තියෙන්නේ….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.