Gossip

පොට්ට නවුෆර් නිදහස් කරන්න – රාවණා බලය ඉල්ලයි…

රාවණා බලය සංවිධානය අද ජනාධිපති ලේකම් කාර්යාලයට සංදේශයක් භාරදෙන්න ආවා…

ඒ, සංදේශයෙන් ඉල්ලලා තිබුණේ එල්.ටී.ටී. ඊ සැකකරුවන් නිදහස් කිරීම ගැන සාකච්චාවක් ඕන කියලයි… එල්.ටී.ටී. ඊ සැකකරුවන් නිදහස් කරන්න එපා කියලා උන්වහන්සේලා ඉහලාගෙන ආපු කළු කුඩවල සුදු අකුරෙන් සටහන් කරලත් තිබුණා…

රාවණා බලය හාමුදුරුවරුන් ට ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලට වඩින්න පොලිසිය ඉඩ නො දුන් නිසා, උන්වහන්සේලා සංදේශය භාරදුන්නේ ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුට….

රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හාමුදුරුවෝ සඳහන් කළේ, මිනිස්සු සමූහ වශයෙන් ඝාතනය කළ එල්.ටී.ටී. ඊ සැකකරුවන් නිදහස් කරන්න පුලුවන්නම් පොට්ට නවුෆර්ටත් නිදහස ලැබෙන්න ඕන කියලයි…..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.