Gossip

මහපාර මැද කොල්ලෝ දෙන්නෙක් කෙල්ලෙක්ට දීපු වදයක්

chain-case

අපේ රටේ සී.සී.ටී.වී. නිසා පසුගිය දවස්වල අපරාධ ගොඩක් අල්ල ගන්න ගොඩක් ලේසි වුණා. ඒ වගේ සිදුවුණු තවත් හොරකමක් ගැන අපි මේ කියන්න යන්නේ. මේක වෙලා තියෙන්නේ පොල්ගස්ඕවිටදීයි. මේක CCTV කැමරාවක සටහන් වෙලා තිබුන නිසා මේ සිද්ධියට සම්බන්ධ දෙන්නවම අත්අඩංගුවට පුළුවන් වුනයි කියලයි පොලීසිය කියන්නේ.

මෙයලා කරපු හොරකම් ගොඩක් පොලීසියෙන් හොයාගෙන තියෙනවා.

මේ කොල්ලකරුවන් බස්නාහිර පළාතේ පොලිස් වසම් 10 ක රන් මාල 32 ක් කොල්ලකාලා තියෙනවා කියලා පරීක්ෂණවලදී හෙළිවෙලා තියෙනවා. එක එක තැන්වලින් හොරා ගත්තු යතුරු පැදි පාවිච්චි කරලා රන්මාල කොල්ලකෑම කරලා පස්සේ ඒ යතුරුපැදි සැකකරුවන් විවිධ තැන්වල දාලා ගිහින් තියෙනවා.

මේ සැකකරුවන් මෑතකදි කරපු හොරකමක් ගැන තමයි අපි ඔයාලාට දැන් කියන්න යන්නේ…

මේ කොල්ලකරුවන් මහරගම, මහල්වරාවල පාරක යමින් හිටපු විශ්වවිද්‍යාල ශිෂ්‍යාවකට පහරදීලා රන් මාලයක් කොල්ලකාලා ගිහින් තියෙනවා. මේ සිද්ධිය CCTV ආරක්ෂිත කැමරාවක සටහන් වෙලා තියෙනවා. ඒ වීඩියෝව බලපු මහරගම පොලීසිය ඒක කහතුඩුව පොලිසියට භාරදීලා තියෙනවා.

ඒ දර්ශන ප්‍රයෝජනයට ගත්තු පොලීසිය කොහොමහරි සැකකරුවන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම් කරන කොට කියලා තියෙන්නේ කොල්ලකාපු රන්මාල බණ්ඩාරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට විකුණුවා කියලයි.

පස්සේ කොහොමහරි කහතුඩුව පොලීසිය ඒ ව්‍යාපාරිකයාවත් අත්අඩංගුවට ගත්තා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top