Gossip

අනුන්ගේ Art එකෙන් පොහොසත් වෙන්න හදපු අපේ රටේ හොර Professor

කෙනෙක් තමන් ජීවත්වෙන කාලයේදී එයාගේ දක්ෂතාවයෙන් කරන නිර්මාණයන් එයා මෙලොවින් සමුගත්තත් ඒ නිර්මාණයන් වල වටිනාකම අඩුවෙන්නේ නැහැ…

ඒ වෙනුවට වෙන්නේ එයා කරපු නිර්මාණ වල වටිනාකම දවසින් දවස අහස උසට තරම් ඉහළට නගින එකයි.

1975 දී ජීවිතෙන් සමුගත්ත මහාචාර්ය ඩේවිඩ් පේන්ටර් කියන්නෙත් ඒ වගේ අතිදක්ෂයෙක්. ඔහු අපේ රටේ හිටපු දක්ෂ චිත්‍ර ශිල්පියෙක්.

ඔහු සිතුවම් කළ චිත්‍ර 19ක් සෞන්දර්ය විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක් හොරකම් කරලා.

මේ චිත්‍රවල වටිනාකම රුපියල් මිලියන 37 ක්.

මහාචාර්ය ඩේවිඩ් පේන්ටර් එයාගේ මේ චිත්‍ර, සැකකාර මහාචාර්යවරයාට භාරදීලා තියෙන්නේ තමන්ගේ අන්තිම කැමැත්ත පරිදි ඒවා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයට භාරදෙන්න කියලයි.

ඒ වුණත් සැකකාර මහාචාර්ය ඇල්බට් ධර්මසිරි මේ චිත්‍රවලින් 11 ක් ම විකුණලා. තවත් චිත්‍ර 07 ක් එයා ළඟ තියෙද්දී පොලිසිය හොයාගෙන තියෙනවා.

නුවරඑළිය පොලිසිය අද මහාචර්යවර්යාව නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ එයාට ඇප ලැබුණා.

පොලිස් භාරයට ගත්ත චිත්‍ර 18, සෞන්දර්ය විශ්ව විද්‍යාලයට භාරදෙන්න කියලයි උසාවිය නියෝග කරලා තියෙන්නේ….

මෙන්න ඒ චිත්‍ර….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.