Gossip

රජකම නැතිවුන මහින්දගේ 70වැනි උපන් දිනයට පිංකම් ගොඩක්

Mahinda-B'day

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගේ 70 වැනි උපන් දිනය වෙනුවෙන් හෙට හවස 4.00ට අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය ඉස්සරහා ලොකු පිංකමක් සංවිධානය කරලා තියෙනවා.

ඒකාබද්ධ විපක්ෂය හාපුරා කියල කරන මුල් ම වැඩේ මේක.
දිනේෂ්, වාසු, විමල්, උදය සිව්කට්ටුව වගේම, ප්‍රසන්න, ඩලස්, මහින්දානන්දත් මේ වෙනකොටත් සංවිධාන කටයුතු වලට අනුරාධපුරේට ගිහිල්ලා.

ඒ හැමෝම විශ්වාස කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පළාත් සභා මන්ත්‍රීවරු වගේම පළාත් පාලන නියෝජිතයොත් විශාල පිරිසක් ඒ වැඩේට එයි කියලයි.

මේ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දුමින්ද දිසානායකත් අද රට පුරාම ඉන්න පළාත් පාලන නියෝජිතවරුන්ට අවවාදාත්මක ලියුමක් යවලා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හරි එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් නැතුව වෙනත් පාර්ශව සංවිධාන කරන ආගමික උත්සව, අනුස්මරණ උත්සව, උපන්දින උත්සව කිසිම දේකට සහභාගිවෙන්න එපා කියලයි මේ ලිපියෙන් අනතුරු අඟවලා තියෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.