Gossip

කථානායකගේ ආප්ප සැර නෑලු.

karu

කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (16) රෑ පාර්ලිමේන්තු තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන්ට කතානායක නිල නිවසට එන්න කියලා. කාලෙකට පස්සේ ලැබුණු මේ ආරාධනය පිළිගත්තු මාධ්‍යවේදීන් ගණනාවක් ම කතානායක නිල නිවසට ගිහින් තියෙනවා.

ඒ සාදයේදී මාධ්‍යවේදීන් හැමෝම වගේ කතාවෙලා තියෙන්නේ අවුරුදු 10 ක් 12ක් පාර්ලිමේන්තු තොරතුරු වාර්තා කළත් කවුරුත්, කවදාවත් ම කතානායක නිල නිවාස දැකල තිබුණේ නෑ කියලයි….

මේ නිල නිවාස තමන්ට ලොකු වැඩි නිසා , විදේශ කටයුතු අමාත්‍යාංශයට නම් මෙතන නියමෙට ම ගැලපෙනවා කියල කතානායකතුමා කිව්වා…. මාධ්‍යවේදීන්ට කන්න ආප්ප හදල තිබුණු නිසා මාධ්‍යවේදීන් ඒ ගැනත් කතානායකතුමාගෙන් ඇහුවා….

“බයවෙන්න එපා.. මේ ආප්ප එච්චර සැර නෑ.. “ කියල කතානායකතුමා කිව්වේ හිනාවෙවී…

“කතානායකතුමනි මේ නිල නිවාසේ ජනාධිපති මන්දිරේ වගේ බංකර් නැත්ද?..”

“තාම නං මම එහෙම එකක් දැක්කේ නෑ… “ කතානායකතුමා සැහැල්ලුවෙන් කිව්වා….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.