Gossip

මනුස්සකමින් පෝහොසත් දුප්පත් මනුස්සයෙක් අවසන් සුසුම් හෙළු හැටි

මනුස්සයෙකු ජිවිතේ වටිනාකම දන්නේ තවත් මනුස්සයෙක් පමණයි. ඒ වටිනාකම කොහොමද කියනවා නම් තමන්ගේ ජිවිතේ වටිනාකම අමතක කරලා තවත් කෙනෙක් වෙනුවෙන් මාරයා ළඟට වුනත් යන්න වුනත් පැකිලෙන්නේ නැති උතුම් මිනිස්සු මේ ලෝකේ ඉන්නවා.

ඒ විිදිහට තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව කෙනෙක් කරපු වීර ක්‍රියාවක් තවත් කෙනෙක් Mobile Phone එකෙන් Video කරලා තියෙනවා.

මේ සිද්දිය වෙලා තියෙන්නේ බ්‍රසීලයේදී. මෙයා මහපාරේ ජිවත් වුනු ගෙයක්දොරක් නැති පුද්ගලයෙක්.

දවසක් එකපාරම තුවක්කුවක් අරගෙන, කාන්තාවක ප්‍රාණ ඇපයට ගත්ත මැරයෙකුගෙන් එ් කාන්තාව බේරගන්න දෙපාරක් හිතන්නේ නැතුව මේ උතුම් පුද්ගලයා ඉදිරිපත් වුණා. ආයුධ සන්නද්ධව ආපු මේ මැරවරයාගේ වෙඩි පහාර දෙකකටම ලක් වුණා.

කාන්තාව ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන එතැනින් පළා ගියා. ඒ වෙලාවේ පොලීසිය ඇවිත් මේ ආයුධ සන්නද්ධ පුද්ගලයාව මෙල්ල කරගත්තා.

මාරයාගේ කට ඇතුළතට ගියපු අර කියපු කාන්තාව බේරගන්න ඉදිරිපත් වුනු අර අහිංසකයා අන්තිමේදි එතනම තමන්ගේ හුස්ම ටික බිමහෙළුවා….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top
Copy Protected by Chetan's WP-Copyprotect.